අනුරාධපුර යුගයේ පිරිවෙන් අධ්‍යාපනය

අකුරු කුමන අයුරකිනඇරඹුණි ද යන්න සෙවීම එතරම් පහසු කාර්‍ය්‍යයක් නොවේ. ක්‍රි.පූ. 6 වැනි
සියවසේ ද ලේඛන කලාවක් පැවති බවට සාධක වෛදික හා බෞද්ධ සාහිත්‍යයෙන් සොයාගත හැකිය.1
මීට අමතරව ශිලාලේඛන හා වෙනත් සාධක තුළිිින් ද තත්කාලීන ලේඛන කලාවේ ස්භාවය පැහැදිලි
වේ. අශෝක යුගයෙන් මෙපිට භාෂාවේ ප්‍රවර්ධනයක් දැකිය හැකිය. විවිධ මූල භාෂා ඇසුරු කරගත්
තත්කාලීන ජනයා සිය සන්නිවේදන කාර්‍ය්‍යයන් කරගෙන ඇත.
ලංකාවට බුදුසමය ලැබුණේ ද අශෝක සමයේය. ඒ අනුව ලක්දිව ප්‍රථම රාජ්‍යය අනුරාධපුරයයි.
අනුරපුර රාජධානිය බෙහෙවින් සශ්‍රීක වූ අතර එහි ආදිම යුගයේ ලියැවුණේ සිංහල පොත්ම පමනි. පාලි
පොත් ලියවුණු බවට කිසිදු සාධකයක් නැත. සිංහල අටුවාකථා, සිංහල දළදා වංසකථා, සිංහල සූත්‍ර
ධර්ම හා සිංහල වෛද්‍ය සංග්‍රහය එම ආදිම පොත් ය. මිහිඳු මාහිමියන් දවස තිබූ සිංහල අටුවා පිළිබඳ
වාර්තා හමවූත් පොත් විද්‍යමාන නැත.
මහාවිහාරය අභයගිරිය හා ජේතවනය අතර ඇති වූ විවිධ භේදයන් නිසා සාහිත්‍ය ධර්ම කෘති
බොහෝ බිහිවුව ද රාජ්‍ය පාලකයන් ද යම් පක්ෂග්‍රාහී බවක් දැක්වීම නිසා බොහෝ පොතපත හා වටිනා
දේපල පවා විනාශ වී යන්නට ඇත.3
“සිඛවළඳවිනිස” “සියබස්ලකර” වැනි ග්‍රන්ථ කීපයක් ඉතිරිව ඇත.
එහෙත් ඒ විශිෂ්ඨතම වූ අනුරපුර භික්ෂු පිරිස පිළිබඳ තොරතුරු නැත. මෙම යුගයේ මහා විහාර
සම්ප්‍රදායේ පමණක් භානක පරම්පරා දහඅටක් බව ඓතිහාසිකමූලාශ්‍ර වාර්තා කර ඇත.


ලංකාවේ පිරිවෙන් ඉතිහාසය ආරම්භ වන්නේ අනුරාධපුර මහා විහාරයෙනි. මෙම භානක
පරපුරු දහඅට මීට ආසන්නම අවස්ථාව ලෙස සිතිය හැකිය. එය කාලීන විපරිණාමයන් ද සමග විවිධ
ලෙස වර්ගීකරණය වෙමින් දීර්ඝ ගමනක් ගොස් ඇත. නුතනයේ පිරිවෙන් එම දීර්ඝ ගමනේ දැඩි
වෙහෙසකර තත්වය නිසාදෝ බලවත් පීඩාවන්ට පත්ව ඇත.
භික්ෂු සමාජයේ මුල් අවධියේ මෙන්ම ලංකාවේ ද ග්‍රාම හා අරණ්‍ය වාසී යනුවෙන් දෙකොටසක්
විසූ බව වාර්තා වේ.
4 මෙහි උච්චතම අවස්ථාව වන්නේ අෂ්ඨමූලායතන බිහිවීමයි. මෙම ආයතන
පිරිවෙන්වල මූලික අවස්ථාවක් ලෙස සිතිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WeCreativez WhatsApp Support
Our customer support team is here to answer your questions. Ask us anything!
👋 Hi, how can I help?