ENGLISH | සිංහල | தமிழ்

Announcement | විශේෂ දැනුම්දීම

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ විභාග 2021 (2022)

 මේ වන විට ප්‍රාචීන විභාගත්‍රයෙහි ම ප්‍රතිඵල නිකුත් කර ඇත. Covid වසංගතය නිසා ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ සංවිධානයෙන් හා මෙහෙයවීමෙන් මාර්ගගතව කරන ලද ඉගැන්වීම් තුළින් පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හා සීලමාතාවන් බොහෝ දෙනෙක් තම දැනුම වර්ධනය කර ගත් බව නොරහසකි. එසේම ඒ තුළින් පෙර වර්ෂවලට වඩා සම්මාන හා විශිෂ්ට වශයෙන් ප්‍රතිඵල ලබා ගත් අය මෙවර වැඩි අගයක් ගෙන ඇත. විභාගයෙන් තමන් අපේක්ෂා කළ ප්‍රතිඵලය ලැබී නැති අපේක්‍ෂකයෙකු වේ නම් තමන් වෙත මුද්‍රිත ප්‍රතිඵල සමඟ ලැබෙන නැවත සමීක්ෂණ අයදුම්පත්‍රය පුරවා විභාග දෙපාර්තමේන්තුවට යොමු කිරීම සුදුසුය.

විභාගයට ඉදිරිපත්ව තමන් ලැබූ ප්‍රතිඵලය දුරකථනයෙන් අප හට දැනුම් දීමට තරම් කෘතවේදී වූ ශිෂ්‍ය හිමිවරුන්ටත් සීලමාතාවන්ටත් අපගේ නොමඳ ප්‍රශංසාව හිමි වේ. අප බලාපොරොත්තු වන ශාසනික පිළිවෙත ද එය වේ.

මෙවර ප්‍රතිඵල නිකුත් කරන ලද (අන්තර්ජාලයට) ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම හා පණ්ඩිත උපාධි අවසාන යන විභාගයන්හි විභාග සහතික තවමත් නිකුත් කළ නොහැක. ඊට හේතුව විභාග දෙපාර්තමේන්තුව මගින් එම ප්‍රතිඵල මුද්‍රණය කර විභාග කොමසාරිස්තුමා විසින් සියලු ප්‍රතිඵල ⁣ ලේඛනවල අත්සන් තබා ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම වෙත එවිය යුතුය. අන්තර්ජාලයේ පවතින ප්‍රතිඵල පදනම් කරගෙන විභාග සහතික නිකුත් කළ නොහැක. රට තුළ පවත්නා ගැටළුකාරී තත්ත්වයන් මත එම කාර්යය සඳහා මාසයකට වැඩි කාලයක් ගත විය හැකිය. එසේ එවන ලද අදාළ ප්‍රතිඵල පරීක්ෂා කර බලා සමත් වූ අයට පමණක් සහතික නිකුත් කළ හැකිය. එබැවින්අදාළ ප්‍රතිඵල ලේඛන නිකුත් කරන තෙක් සහතික පත්‍ර ලබා ගැනීම පිණිස විමසීමෙන් ඵලක් නැත. යම් අවශ්‍යතාවක් සඳහා ප්‍රතිඵල ලේඛනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍යනම් අන්තර්ජාලයේ පවතින ප්‍රතිඵලය මුද්‍රණය කර එය පරිවේණාධිපති හිමිපාණන් ලවා සහතික කරවාගෙන ඉදිරිපත් කළ හැකිය. අදාළ ප්‍රතිඵල ලේඛන විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ පසු ඔබ වෙත ඒ බව දැනුම් දෙනු ලැබේ. ඉන්පසු www.oriental.lk වෙබ් අඩවියෙන් මාර්ගගතව සහතික පත්‍ර අයදුම් කරන්න.

විභාගය සම්පූර්ණ ලෙස සමත් නොවූ අය ඉහත වෙබ් අඩවියට පිවිස පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, ලකුණු ලබා දීමේ පටිපාටි ආදිය ද පරිශීලනය කර නැවත විභාග සඳහා සූදානම් වන්න.

Main Menu